Filed Under (වර්ගීකරණය නොකළ) by chathurarcrc on 10-06-2009
අවා අවා ඔන්න අවා යකෙක් 03 අවා අවා.මුදල් අය නොකෙරේ.පිනට පලකෙරේ.ස්ල්ලි දිල කවුරුත් ගන්නේ නැති හින්දා.
මොකටද කසි බාගේ හොයා තියා….//
යනකොට ගෙනියනවද අනේ ඔයා……
ඇත්තටම මොකටද මේ සල්ලි.සල්ලි නැතුව මොකුත් බැ බැ කියන්නේ.නිකන් එලුවො වගේ.සල්ලි දෙයියන්ගෙ මල්ලි කියලයි කියන්නේ.යකාගෙ මොකාද දන්නේ නැ.සමහර විට යකාගේ නන්ගි වෙන්න ඇති.යක්කුන්ට නම් සල්ලි වැඩක් වෙන්නේ ඉතින් ඒව කන්න පුලුවන් වෙච්ච දවසට තමයි.
ජිවිතේ අම දාරා…
උල්පතේ රස උතුරා…
මම නිකන් ඉන්න ගමන් මේ ජිවිතය ගෙන කල්පනා කරා.ජිවය කියන්නනේ මොකක්ද? මොනවගෙද?.මම ඉතින් කල්පනා කරනවා කරනවා අනේ ආයි කල්පනා කරනවා.පවු පොඩි යකා.තාම පොඩි මොලගෙඩියනේ.මෙහෙම කල්පනා කරනකොට මට තක්සලාවෙදි කරපු ගණිත පාඩම්, සුත්‍ර, සින්හල සන්ධි පද, පලි ගථා, හෙල අටුවා ටිකා ඔක්කොම මතක් වෙනවා.මට ඒ එක්කම සමිකරණයක් ඔලුවට අවා.මම ඒකෙන් ජිවිතේ හොයගත්තා.මෙන්න මෙහෙමයි.
2 එකතුකිරිම 1 බෙදිම දශම පහ වැඩි කිරිම පුරස්වර ලොප සන්ධ්ය අඩු කිරිම ආගම සන්ධ්ය සමානයි නච්ච ගිත වදිත විසුහ දස්සන මලා බෙදිම පන්සිය පනස් ජාතකය.
මට නම් උත්තරේ ආවා.ඔය ළමයි හිමින් සැරේ හොයගන්නකො.හදිස්සියක් නැ.ඊට පස්සෙ ඒ එන පිළිතුරට…….
සිනි ඩින්ගක් විතර දාලා ලුනු සුවල්පයකුත් එකතු කරගන්න.මද ගින්නේ තම්බගන්න.පදමට කහ ටිකකුත් එකතු කරගත්තට කාරි නැ.මිරිස් නම් පරිස්සමෙන් දමාගන්න.දැන් අපිට රසවත් කොස් වයන්ජනයක් ලැබෙනවා.
කොස් වයන්ජනය බෙදිම පෙර අත්මය සමානයි කොස් ගෙඩිය.අන්න එක තමා අන්තිම පිළිතුර.ජීවිතේ නිකන් කොස් වගේ.කොස් හැදෙනව ඉදෙනවා නරක් වෙනවා.ජිවිතත් හැදෙනව වැඩෙනවා නරක් වෙනවා.වෙනසක් නැ.
කොහොමද මෙ යකාගේ මොලේ.ජිවිතේ මොන වගේද කියලා හොයගත්තනේ.යකාගේ මොලෙ යක් මොලේ කියන්නේ එකනේ.දැන් නම් මට හිතෙනවා ගණන් පන්තියක් දැම්මනම් හොඳයි කියලා.
උකා යකා සර්
ගණන් යකෙක් වගේ ඉගෙනගන්න,
යකොටොරි,
යක්නොගොඩ.
මුල් 500 දෙනාට යක් වෙස් මුණු 500ක් දෙන්න තමයි කල්පනාව.මග අරින්න එපා.මෙවා හැමදාම දෙන්නේ නැ.පන්තිය පටන් ගන්න කිටුටු කරලා දන්වන්නම්.එන අය අත උස්සන්න.හොඳ බබාලා.
අද මට ගණන් හදලම මහන්සි.අපහු දවසක අලුත් ලිපියකින් හම්වෙමු.ඒ තාක් කල් සියලු යක් වරුන්ගෙ පිහිටම ලැබේවායි එක සිතයි තුන් සිතයි එකතුකොට හතර සිතින් ප්‍රකාශ කරමි.
Filed Under (වර්ගීකරණය නොකළ) by chathurarcrc on 01-06-2009
ආයුබො යක් වඩා කිවුවා එහෙනම්.ඔන්න යකෙක් අන්ක 02න් මේ යකා දෙවේනි යකා නැටිල්ල පටන් ගත්තා.පටන් ගත්තයි කිවුවට මෙ යකාට මොකුත් ඔලුවට එන්නෙත් නැ මෙකෙ කොටන්න.අහො අහො විපතක කෙට්ටු.
උකා යකා පහු ගිය දවස් ටිකෙ යක් ලොකේ සැරි සැරුව.තක්ශලාව පැත්තෙත් පොඩ්ඩක් කරක් ගැහුව. දන්න කියන හැමොම ආ යකා අයියෙ කිය කියා යනවා.මුණු පොතෙත් මන් යකා නටලනේ ඉන්නේ.එක හින්ද දැන් ඔක්කොම මට යකා කියනවා.දැන් තමයි නියම යකා වගෙ දැනෙන්නේ.කාටද අඩම්බර ?.. මට..නැ යකාට.
අපි ඉතින් කලාව කිවුවොත් පණ වුණත් දෙනවා.තක්සලවට යන කාලෙදිත් කලා උළෙලවල් හොය හොය යනවා.මේ පහු ගිය දවසක “බ්ලා බ්ලා ප්‍රෙක්ශා 2009″ කියලා කලා උළෙලක් තිබ්බා.මගෙ තක්සලවේ ඉදන් සැහෙන්න දුරයි ඒ තක්ශලාවට.හුවක් කිවුවම කනේ තිබ්බ වගේ.ඒ තරම් දුරයි.පිරිමි ළමයි සූ ගාල 10ක් විතර හිටියා.බලන බලන අත ගැණු ළමයි.මට ඉතින් හැම පැත්තෙන්ම එක එක FM ඇහෙනවා.
- “අවා සොය අදරෙ” යරු FM….(196.7)
- “Hellow Hellow නම මොකක්ද ඔයගෙ..” යසිර FM…(206.5)
- “නොනා පොල්ල ගෙනෙන් බල්ලා මරන්න” යක්නද FM(188.5)
- “එවෙරිතින්ග් අයි ඩු, ඩු ඉට් ෆොර් යු” නැ FM(189.5)
ඔහොම යද්දි එකක් හිර වුණා.1900 බර ගනන් වල එකක්.මෙන්න මෙහෙමයි ඒක.
සන්තොසේ බැරුව කෙල්ලන් එබි එබි බලද්දි – සබකොලේ මැකුනා ඒ නම් බ්ලා බ්ලා බ්ලා……. (ඇයිමොකොFM..196.2)
අම්මො මට එදා මර සනීපයි.කියල වැඩක් නැ.පැය 6ක් විතර හිටගෙන හිටියාම දැනෙන සනිපය උපරිමයි.ඔන්න ඉතින් කොහොම හරි දෙවුලොව සැප ලබගෙන කලා උළෙලත් අවසාන වුණා.අපිට පැවරිල තිබ්බ වැඩෙත් ලස්සනට ඉවර කර.දැන් ඉතින් ගෙදර වරෙන්කො.වෙලාව බැලුවා.මම අයි පාරක් දෙවුලොව කිටුටුවටම ගියා.ඒ හින්ද දෙයියො මන් දිහා බලලා ගෙදර එන්න විදිහක් හරි ගැස්සුව.යක්කු දිහා දෙයියො බැලුව එහෙනම්.මගෙ දේයියා.
යක්කු ගස් නගින වෙලේ මන් ගෙදර එනවා.මග දිගට ගස් හො ගාලා.මට නගින්නමයි හිත.මොනා කරන්නද මහත්මා යක් ගති රැකගෙන යක් නිවහනට වාර්තා කරා.මගෙ අම්ම මාව ගොඩාක් අදරෙන් කතා කරලා පිලිගත්තා.”මොකද යකො මෙච්චර වෙලා කරෙ…??”
පට්ට කටු තමා ඉතින් සෙට් වෙන්නේ.පස්සෙ කලෙක ඒව මතක් වෙනකොට තම තෙරෙන්නේ ඒවයේ රහ.හරිම විනොදයි.
අපේ යක් නයකයො මෙ දවස් වල යක් අයිතිවසිකම් කෙටුම් පතක් හදනව.ඔන්න මිනිස්සුන්ට පරිස්සම් වෙන්න කලේ හරි වගෙ.මාත් කොහොමහරි රත්තරන් යකෙක් වෙලා රත්තරන් යක් නයකයෙක් වෙනවා..ඊට පස්සෙ මටත් සින්දුවක් කියවි “ආයුබොවෙවා යක් රජාණේනි”කාටද අඩම්බර..? මට..නැ යාකාට
දැන් වෙලව දවල් 1.35.මට දැන් යකා ගැහුව වගේ දොයිය බාබා වෙන්න ඔනේ.ඒහෙනම් මම යමි.සියලු යක් වරුන්ගේ අරක්ශාවයි කරුණවයි යක්කුන්ගෙම පිහිටයි.
සයනයට යහ්…අත පය අත පය……..
Filed Under (වර්ගීකරණය නොකළ) by chathurarcrc on 29-05-2009
මම යකෙක්.නපුරු නම් නැ.එලකිරි යකෙක්.කොටින්ම කිවුවොත් අහින්සක යකෙක්.මගේ සම්පුර්ණ නම උකා යකා.වයස 1200යි.ඉපදුනේ 1989.මට ගණිතය කජු කනව වගේ අමරුයි.මම ඉතින් කෙරුවොත් කරන්නේම යක් වැඩ.යකෙක් වෙන එකත් ලේසි නැ යකො.අපේ අම්ම මට කිව්වෙත් රත්තරන් යකෙක් වියන් මගෙ යකො කියලා.රත්තරන් යකෙක් විම තමා මගෙ එකම බලපොරොත්තුව දැන්.රත්තරන් ගණන් හින්ද මට රත්තරන් යකෙක් වෙන එක ලෙසි නැ කියල මම දන්නව.ඒක අපේ යක්කු ඔක්කොම දන්නවා.
යක්කු ගැන මිනිස්සු හිතන් ඉන්නේ වැරදි විදිහට.ගොඩක් අහින්සකයි යක්කු.හිටපු ගමන් මිනිස්සුන්ව බය කරනවා තමයි.වැඩිම වුනොත් දවසකට මිනිස්සු දෙන්නෙක් ගිලිවි.ඉතින් බලන්න කොච්චර අහින්සකද කියල.දුක හිතෙනව නෙද?යකෙක් වෙන්න ගොඩක් පින් කරන්න ඔන කියලා යක් මාමා මට දවසක් කිවුවා.ඒ කියන්නෙ මන් ගිය අත්මේ ගොඩක් පින් කරලා.
මිනිස්සු අතරෙත් යක්කු ඉන්නව කියලා මට හිතෙනව.මොකද මට මිනිස්සු මිනිස්සු කියන කතා ඇහිල තියෙනව.
- අනේ යකො.
- පල යකො.
- තො වගේ යකෙක්.
- යකඩො.
යකගේ ගැනු සතා යකින්නි. අම්මො…… බුදු අම්මො…. ඒ සත්තු ගැන කතා කරන්නත් බයයි.හරිම භයනකයි.මිරිස් කරල වගේ.හරිම කපටි.යක්කු අමරුවෙ වැටෙනව යක්කින්නියො හින්දා.ඉවසන්න කියන එක දන්නෙවත් නැ මේ යකින්නියො.පොඩ්ඩ බැරි වුනු ගමන් වලියට තමයි.ගැටිසි යකින්නියොයි ගැටවර යක්කුයි තමා මල් ලොකේ ජිවත් වෙන්නෙ.එකත් යකගේ අදරයක් .අලි යක්කු නම් කැමති නැ මේ පොඩි යක්කුන්ගේ ආදර හුට්ටප්පර වලට.යකගේ නිති තමයි දන්නේ ඒ වගේ වෙලවට.ඒහෙම නොකරත් බැ.ඇයි ඉතින් මුන් යකගෙ නැටිල්ලක් නේ නටන්නේ.යකෙක් වුනම ඉතින් යකගේ නැටුම නටන්නෙ නැතුව වෙන මොනා නටන්නද.
මත් මෙ යක්කු ගොන්නේ එක යකෙක්.මෙ සයිබර් අවකාශයේ යකා නටනනයි මගේ කල්පනව.යක්කුන්නටත් මෙක අස්සෙ ඉඩක් තියෙන්න ඔනනේ.ඒක මුලික යක් අයිතිවසිකමක්.
උකා යකා කියන්න නිකන්ම නිකන් යකෙක්.මේ යකා ගැන අදහස් ඔබට බාරයි.දැන්නම් යකෙක් කන්න බඩගිනි.මන් නවතිනවා.යකගේ පිහිටයි.
යක් පැවැත්ම උදෙසා කෙපවෙමීමීමීමීමී…..ඉදිරියටා යහ්.. දකුණ වම…දකුණ වම..
Filed Under (වර්ගීකරණය නොකළ) by chathurarcrc on 12-05-2009
Facebook එකෙ සිංහල වලින් මොනා හරි වැඩක් කරන්න ඔන කියලා හිතුන.ඉතින් මම Facebook Sinhalaya කියල ගෘප් එකක් හැදුවා.හිතුවට වඩා ඒක හරි ගියා.ගොඩක් අය අපිත් එක්ක එකතු වුනා.එත් ටික කාලෙකට ගෘප් එක කඩා වැටුනා.කරගෙන යන්න බැරිවුනා හරියකට.කොහොමෙන් කොහොම හරි නැවත ගොඩ ගන්න පුලුවන් වුනා
අද තමයි ඒ දවස.මෙතන් සිට ගෘප් එකේ වැඩ අපි කට්ටියම එකතු වෙලා අලුත් විදිහට කරගෙන යන්න තමා හිතගෙන ඉන්නෙ.අපි දන්න දේ අනිත් අයට දෙන්නත් අපි නොදන්න දේ අනිත් අයගෙන් දෙනගන්නත් මේක ගොඩක් උදවු වෙවි.
මම මේ ගෘප් එකෙන් මොනාද වෙන්න කියල කිවුවේ නෙනේ.එකත් කියල ඉන්නම්කො.
Facebook භාවිතා කරන අයට සිංහල යොදාගෙන අන්තර්ජලයේ කරන්න පුලුවන් වැඩ ගැන අවබොදයක් ලබා දිම තමා අපේ මුලික අරමුණ වුණේ.ඊට අමතරව අන් අය සමග අදහස් හුවමරු කාරගන්න මෙකෙන් ඉඩක් ලබදුන්න.අපි දන්න දෙවල් අන් අයත් එක්ක බෙදා ගත්තා වගෙම නොදන්න දේවල් දැනගන්නත් මෙකෙන් ඉඩකඩ ලැබුනා අපි හැමොටම.සිංහල භාෂාව එක්ක තියෙන ගෙටලුත් මෙක හරහා විසදගන්න අවස්තාවක් ලබදුන්නා
අපි හිතනවා Facebook Sinhalaya ගොඩක් අයට ප්‍රයොජනවත් වුනා කියල.ගෘප් ඒකෙ හිටපු ගොඩ දෙනෙක්ගෙන් හොද ප්‍රතිචාර අවා.ඒව අතරින් ගල් මුල් එහෙමත් අවා.කොහෙත් ඒ වගේ දේවල් වෙනවනෙ.
මේක කියවන ඔබතුමාලත් අපිට සහය වන්න හැකිනම්.ඒක කරන්න හරිම පහසුයි.ගෘප් එකත් එක්ක එකතු වෙන එක විතරයි කරන්න තියෙන්නෙ.ඊට පස්සෙ ඔබෙ අදහස් අපිත් එක්ක බෙදා ගන්න.
එහෙනම් මගේ දෙවෙනි බ්ලොග් එකත් හරි.පලවෙනි එකනම් ගොඩක් අමරුවෙන් කොට ගත්තේ.මෙකනම් ටිකක් විතර ලෙසි වුනා.ඉදිරියෙදි අයිත් හමුවෙමු.ඔබට ජය.
Facebook සිංහලයා :- http://www.facebook.com/group.php?gid=32659959325&ref=ts
Filed Under (වර්ගීකරණය නොකළ) by chathurarcrc on 11-05-2009
ඔන්න මත් බ්ලොග් එකක් හැදුව.මන් නම් අලුත්ම අලුත් කෙනෙක්.බ්ලොග් ගෙන අහලා තිබ්බත් අද තමා දෙන්ගත්තේ හරියකට.ඒත් පොඩි අවුලක් තියෙනවා.සින්හලෙන් බින්දුව කොටන්නෙ කොහොමද?
දන්න කෙනෙක් ඉන්නවනම් කියලා දෙන්න….
මෙකේ කොටන්න දෙයක් නම් මෙ වෙලවෙ හිතට එන්නේ නේ.
හිතට අපු වෙලවක නියම බ්ලොග් 1ක් දන්නම්…
මේ ටික කොටා ගත්තෙත් ගොඩක් අමරුවෙන්.පහු වෙනකොට හරි යයි කියලා හිතනවා.එහෙනම් හෙමොටම ජය…
ජය හො…..